විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 23වනදා ආරම්භ කිරීමට මේවනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අදාළ පාසැල් අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් අදාළ විදුහල්පත්වරුන් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ අයදුම්පතේ සඳහන් ලිපියනටද තැපැල් මගින් යොමු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ මස 12 වන දිනට පෙර විභාග ප්‍රවේශපත්‍ර නොලැබුණු පාසැල් සහ පෞද්ගලික අයදුම්කරුවන් ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.

ප්‍රවේශ පත්‍රයේ ඉල්ලුම් කර ඇති විෂයන්, මාධ්‍යය සහ නමෙහි යම් වෙනසක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ සංශෝධන මේ මස 14 වන දිනට පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස සංශෝධනය කර ගත හැකි වනවා. විභාගයට අදාළ කාලසටහන ද එම වෙබ් අඩවියේ ඇතුළත්.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 23 වනදා සිට ජූනි මස 01 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *