ඉන්දීය ණය පහසුකමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් එකට එරෙහිව ශ්‍රී ලංකා නිතීඥ සංගමය

0
විනිසුරුවරු හා නීතීඥ ප්‍රජාව සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ පිළිබඳව නිතීඥ සංගමයෙන් නිවේදනයක්

විනිසුරුවරු හා නීතීඥ ප්‍රජාව සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ පිළිබඳව නිතීඥ සංගමයෙන් නිවේදනයක්

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ඉන්දීය ණය පහසුකමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍යය වහා කරුණු පැහැදිලි කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් (05) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විනි.

ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම (05) සැලකිල්ලට ගැනින.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා සඳහන් කර සිටියේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ණය පහසුකමින් සියයට 30ක ප්‍රමාණයක් වැය කරමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කර ඇති අතර ඒ බව මුදල් අමාත්‍යවරයාද පිළිගෙන ඇති බවත් මෙය කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

රජය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ මහතා සඳහන් කර සිටියේ ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සඳහා ගෙන තිබෙන පියවර ඇතුළත් දිවුරුම් පෙත්සම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධිකරණයට යොමු කරනු ලැබ ඇති බවය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය අමාත්‍යාංශ ලේකම්වරු සහ නීතිපතිවරයා ඇතුළු හතළිස් දෙනකු නම් කරනු ලැබ ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed