අස්ගිරි මහ නාහිමියන් තැබූ අත්සන ගැන තහවුරුවක්

නොකෙරෙන දේවල්වලට අනුශාසනා කිරීමෙන් ඵලක් නෑ - අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියෝ

නොකෙරෙන දේවල්වලට අනුශාසනා කිරීමෙන් ඵලක් නෑ - අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියෝ

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් පසුගිය විසි වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපියට අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහ නාහිමියන් අත්සන තබා ඇත්තේ සිය කැමැත්තෙන් බව අස්ගිරි මහා විහාරය අවධාරණය කරනවා.

අදාළ ලිපියට අස්ගිරි මහා නාහිමියන් අත්සන යෙදීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පලව ඇති විවිධ මතවලට ප්‍රතිචාර දක්වමින් මහනාහිමියන්ගේ පෞද්ගලික ලේකම් වන ආචාර්ය පූජ්‍ය මුරුන්දෙනියේ ධම්මරතන හිමියන් නිකුත් කළ ලිපියක මේ බව සදහන්.

අදාළ කරුණ සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු රාජ්‍ය බුද්ධි සේවාවට පැමිණිල්ලක් කර ඇතැයිද එම ලිපියේ දක්වා තිබෙනවා. මාධ්‍ය තුළ සාකච්ඡා වන මෙම කරුණ සම්බන්ධයෙන් කිසිවෙක් අතිපූජ්‍ය මහා නාහිමියන්ගේ කාර්යාලයෙන් කිසිදු විමසීමක් කර නොමැති බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

සත්‍ය අසත්‍යතාව නිසි පරිදි විමසීමකින් තොරව එවැනි කරුණු සමාජගත කිරීම බරපතල වරදක් බවද අස්ගිරි මහ නාහිමියන්ගේ පුද්ගලික ලේකම් ආචාර්ය පූජ්‍ය මුරුන්දෙණියේ ධම්මරතන ස්වාමීන් වහන්සේ නිකුත් කළ ලිපියේ දැක්වෙනවා.

වර්තමානයේ රටේ පැනනැගී ඇති සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදය වහා සමනය කරගැනීම සඳහා අවශ්‍ය උපදේශයන් ලබා දෙමින් පසුගිය විසි වනදා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත එම ලිපිය යොමු කර තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *