සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද? නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද? – නාමල්

සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද? නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද? - නාමල්
හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් තබමින් ජනතාව දුක් විදින නමුත් රටේ පවතින සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද – නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් ඒ සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද? යනුවනේ ප්‍රශ්න කොට ඇත.
එහි මෙසේද සදහන්ය.
“ජනතාවගෙන් කොටසක් උද්ඝෝෂණවල නිරත වෙමින් සිටිති. විපක්ෂය, ආණ්ඩුවට එරෙහිව පෙළපාලි සංවිධානය කරති. ඒ මදිවාට රටම දුක් විදිද්දී ආණ්ඩුවේම අය කෑලිවලට බෙදී බහුතරය හදා ගැනීමේ සටනක නිරතව සිටිති. ඇත්තෙන්ම අපි, රටේ පවතින සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද – නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් ඒ සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද?”