අධිකරණයට අපහාස කිරීමේ වරදට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ට්‍රම්ප්ට දිනකට ඇ. ඩොලර් දසදහසක දඩයක්

0
ට්‍රම්ප්ගෙන් ගෝලීයව යලිත් තීරුබදු; ශ්‍රී ලංකාවටත්

ට්‍රම්ප්ගෙන් ගෝලීයව යලිත් තීරුබදු; ශ්‍රී ලංකාවටත්

විමර්ශනයකට අදාළ ලියකියවිලි ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඩ මුදලක් නියම කර තිබෙනවා.

රජයේ නීතිපතිවරයා ගොනුකළ සිවිල් විමර්ශනයකට අදාළ ලියකියවිලි ඉදිරිපත් නොකිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමක් සිදුව ඇති බව විනිසුරුවරයා තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන තුරු දිනකට ඇමෙරිකා ඩොලර් දසදහස බැගින් ගෙවිය යුතු බවයි නියෝගයේ දැක්වෙන්නේ.

මාර්තු තුන්වන දිනට ප්‍රථමයෙන් එම ලියකියවිලි ඉදිරිපත් කළ යුතුව තිබූ අතර පසුව එය මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කරනු ලැබුවා. හිටපු ජනාධිපතිවරයාගේ ව්‍යාපාර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි මෙම නඩු පැවරීම සිදුකර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com