ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) 2022 වසර සදහා ගෝලීය ආර්ථික වර්ධනය පහත දමයි

ශ්‍රී ලංකාවට උදව් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුදානම්

ශ්‍රී ලංකාවට උදව් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුදානම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් 2022 වසර සදහා ඉදිරිපත් කරන ගෝලීය ආර්ථික වර්ධනය පිළිබද පුරෝකථනය 1%කට ආසන්න අගයකින් පහත හෙළීමට පියවර ගෙන ඇතැයි පවසයි. එම අරමුදලේ ගෝලීය ආර්ථික පෙරදැක්ම (World Economic Outlook) අලුත්ම වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව 2022 සහ 2023 වසර සඳහා වන මෙම ගෝලීය ආර්ථික වර්ධනයේ පුරෝකථනය 3.6%ක් ලෙස ප්‍රකාශයට පත් කරන බව එම අරමුදල පවසයි. මෙය ඔවුන් විසින් මීට පෙර එම වසර සඳහා පුරෝකථනය කර තිබූ වර්ධනයය මෙන් 0.8% ක සහ 0.2%ක පහත හෙළීමකි. අවසන් වරට එම අරමුදල මෙවැනි පුරෝකථනයක් ඉදිරිපත් කර තිබුණේ පසුගිය ජනවාරි මාසයේදීය. මෙහිදී මූලිකවම එම වර්ධනය පහත හෙළීම සඳහා රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතු වී ඇති බව පෙන්වා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඒ හරහා මතුව තිබෙන උද්ධමනය පිළිබද ගැටලුව ලොව බොහෝ රටවලට “පැහැදිලි සහ පවතින තර්ජනයක් ලෙසින්ද හදුන්වාදී ඇත. එසේම මෙම යුද ගැටුම් හේතුවෙන් ගෝලීය උද්ධමනය තවදුරටත් ඉහළ යාම් බලාපොරොත්තුවක් පවතින බවත් IMF මෙහිදී සඳහන් කර තිබේ.

එසේම බලශක්ති අපනයන ඉලක්ක කරගනිමින් රුසියාවට එරෙහිව බටහිර රටවලින් එල්ල වන සම්බාධක තවදුරටත් දැඩිවීමත් සමගම එය ගෝලීය නිෂ්පාදන කටයුතු තවදුරටත් පහත හෙළීමට හේතුවක් වෙනු ඇතැයිද සදහන් වෙයි. මෙම තර්ජනයට අමතරව ගෝලීය ආර්ථික වර්ධනය අඩපණවීම සඳහා චීනයේ ෂත්රායි නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ලොණ්ඩවුන් සීමාවන්ද හේතුවක් වී ඇතැයිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදී පෙන්වා දී සිටියි. “මෙලෙස ආහාර, බලශක්තිය සහ අනෙකුත් ඩවල මිල ගණන් ඉහළ යාමත් සමගින්ම සමාජ තුළ ගැටුම් ඇතිවීම් අවස්ථාවක් පවතිනවා. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් එතැනදී ප්‍රධානයි.” යනුවෙන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *