21වන සංශෝධනයක් පාර්ලිමේන්තුවට – ආණ්ඩුව තීරණය කරයි
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි
20 වන සංශෝධනය අහෝසි කිරීමේ යෝජනාව 21වන සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කොට ඇත.
මෙහිදී 19වන සංශෝධනයට යම් යම් වෙනස්කම් සිදුකිරීමට නියමිතව ඇති බවද පැවසේ.
මෙය හදිසි යෝජනාවක් ලෙස ආණ්ඩු පක්ෂයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරීපත් කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.




