නවීඩ් නවාස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු තනතුර

නවීඩ් නවාස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු තනතුර

නවීඩ් නවාස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු තනතුර

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නවීඩ් නවාස් ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. වසර දෙකක කාලයක් සදහා නවීන් නවාස් මෙම තනතුරට පත්කර ඇති බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.

අදාල පත්වීම පසුගිය අප්‍රේල් පළමු වෙනදා සිට ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. ඒ අනුව නවීන් නවාස් ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වලසහය පුහුණුකරු තනතුරේ කටයුතු කිරීමට නියමිතයි. මිටපෙර නවීන් නවාස් බංග්ලාදේශ කණ්ඩායමේ වයස අවුරුදු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර 2020 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සදහා බංග්ලාදේශ කණ්ඩායම තරග වැදුනේද ඔහුගේ පුහුණුකාරිත්වයෙන් යුතුවයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ක්‍රිස් සිල්වර්වුඩ් පසුගියදා පත්කෙරුණා. එමෙන්ම ශ්‍රී ලංකා බංග්ලාදේශ තරග සංචාරය සදහා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් වේගපන්දු පුහුණුකරු ලෙසත් පියල් විජේතුංග දගපන්දු පුහුණුකරු ලෙසත් පත්කර තිබෙනවා. මෙහිදී මනෝජ් අබේවික්‍රම පත්කර තිබෙන්නේ පන්දු රැකීමේ සහ සහය පුහුණුකරු ලෙසයි. ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග ටෙස්ට් තරග දෙකකට සහභාගීවීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *