ආග්‍රාමාත්‍ය කිව්වා වගේ ගොවීන්ට පොහොර සහනාධාර ලබා දෙන්නේ කවද්ද? – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

ආග්‍රාමාත්‍ය කිව්වා වගේ ගොවීන්ට පොහොර සහනාධාර ලබා දෙන්නේ කවද්ද? - සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

ආග්‍රාමාත්‍ය කිව්වා වගේ ගොවීන්ට පොහොර සහනාධාර ලබා දෙන්නේ කවද්ද? - සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශය පරිදි ගොවීන්ට පොහොර සහනාධාර ලබා දෙන්නේ කවදාද? යන්න පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රශ්න කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා සදහන් කළේ, මේ වන විට පොහොර ආනයනය කර හෝ ඇණවුම් කර තිබෙනවාද යන්න පිළිබඳව ආණ්ඩුව ප්‍රකාශ කළ යුතු බවය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“දැන් පැහැදිලිවම ආණ්ඩුව කියන්න ඕන පොහොර සහනාධාර දෙන්න පටන් ගන්නවා නම් කවද්ද ඒක පටන් ගන්නේ? දැන් පෙහොර ගෙනත් තියෙනවාද? දැන් පොහොර ඇණවුම් කළොත් මාස දෙකක්වත් යනවා පොහොර ලංකාවට ගේන්න එතකොට මේක මොන කන්නයටද දෙන්නේ?

දැන් යල කන්නය පටන් ගෙන මේ වෙන කොට වැඩ පටන් ගන්න ඕන ගොවියා. කුඹුරට බහින්න ඕන ගොවියා. වපුරලා ඉවර වෙන්න ඕන ගොවියා. ඒ ගොවියන්ට පොහොර දෙන්නේ කවද්ද? කොහොමද දෙන්නේ? ඒක සහනාධාර විදිහට නොමිලේ දෙනවද? එහෙම නැත්නම් රුපියල් 1,500ට පොහොර මිටියක් ගන්න තිබුණා කඩේ, ගොවියාට. රුපියල් 1500ට දෙනවාද? එහෙනම් ඒකේ මිල කීයද? කොයි ප්‍රමාණයෙන් දෙනව ද? මොකක්ද වැඩපිළිවෙළ? මොකක්ද සැලසුම්? මේක ඉදිරිපත් කරන්න ඕන.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *