ජූනි වනවිට තලගුලියක්වත් හදා ගන්න බැරි වේවි – රනිල් වික්‍රමසිංහ

IMF ඉවර වෙන තුරු මැතිවරයකට අවස්ථාවක් නැ - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

IMF ඉවර වෙන තුරු මැතිවරයකට අවස්ථාවක් නැ - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පවතින ආර්ථික අර්බුදය පිළිබඳව සැලකීමේදී ලබන ජූනි මාසය වනවිට මේ රටේ සියලුම කර්මාන්ත වැසී යනු ඇති බවත් අඩුම තරමින් තලගුලියක්වත් හදාගත නොහැති තත්ත්වයට පත්වනු ඇති බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉඟි පළ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සකස් කරන ලද ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාව කියවීමේදී මෙරට පවතින ආර්ථික අර්බුදයේ තරම වටහා ගත හැකි බවත් ගෙවුම් ශේෂයේ පවතින දැඩි අර්බුදය තුළ ඉදිරියට අවිනිශ්චිත වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

ස්වර්ණවාහිනියේ රතුඉර වැඩසටහනට සහභාගී වෙමින් අදහස් දැක්වූ හිටපු අගමැතිවරයා සඳහන් කළේ දැනට ඉන්දියාවෙන් ලබා දී ඇති ඩීසල් සඳහා අවශ්‍ය ණය සහනය මත ගෙන්වන ඉන්ධන ලබන මැයි මාසය මැද වනවිට අවසන් වන බවත් එසේම සෙසු ආහාර ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සමබන්ධයෙන් ලබා දී ඇති ණය සහනයත් ජූනි මාසය වනවිට අවසන් වනු ඇති බවත් එතැනින් එහාට රට දුවන්නට අවශ්‍ය ඩොලර් සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බවත්ය.

මේ තත්ත්වය මත මේ රටේ කර්මාන්තකරුවන්ට තමන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටවලින් ගෙන්වා ගැනීමේ විශාල දුෂ්කරතාවක් නිර්මාණය වනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.

“කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය කොහොමද පිරටවලින් ගෙන්වන්නේ. අපිට තලගුලියක්වත් හදාගනන බැරිවෙයි. මොකද ඒක ඔතන කොළේ එන්නේ පිටරටින්. මේවා ගන්න කොහෙන්ද ඩොලර්. ?

“මේ බරපතල තත්ත්වයට විසදුම් ගන්න නම් අප මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතුයි. එකට යන්න ඕන කිව්වම ස්වාධීනත්වය නැතිවෙනවා, අපි යටත් වෙනවා කියල කියනවා. දැන් හරි… දැන් අපි ස්වාධීනයි.. කාටවත් යටත් නෑ.කියමුකෝ . නමුත් අපට කන්න නෑ. පැය 13ක් විදුලිය නෑ. ඩීසල් නෑ. ගෑස් නෑ .කෝකද හොඳ?. අනෙක් මේ රටේ ආණ්ඩු කීයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත්තද.? මේ අරමුදලේ අපිත් කොටස්කාරයෝ අපිටත් මේ අරමුදලේ ඡන්ද බලයක් තිබෙනවා.“

“මේ අරමුදලට ගියත් අවශ්‍ය කටයතු සිදුවන්නට කාලයක් යනව. අපි ජූනි මාසෙන් පසුව රටට අශ්‍ය ඩොලර් කොහෙන්ද සොයා ගන්නේ. මගේ යෝජනාව අපි මේ වෙලාවේ මිත්‍ර රටවල්වලට කතා කළ යුතුයි. විශේෂයෙන් චීනය, ජපානය, ඉන්දියාව යුරෝපා සංගමය වගේ රටවලට කතා කර මුදල් සොයා ගත යුතුයි. ඔවුන්ට යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි “ යයිද පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *