5වන බිම්ස්ටෙක් සමුළුව පැවැත් විය; මීළඟ සභාපතීත්වය තායිලන්තයට

5වන බිම්ස්ටෙක් සමුළුව පැවැත් විය; මීළඟ සභාපතීත්වය තායිලන්තයට

5වන බිම්ස්ටෙක් සමුළුව පැවැත් විය; මීළඟ සභාපතීත්වය තායිලන්තයට

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සදහා වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම (29) පැවැත් වුණා. අමාත්‍ය මණ්ඩල රැස්වීම සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිතයින් සහභාගී වී සිටියා.

බිම්ස්ටෙක් සභාපතිත්වය අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා වෙතින් තායිලන්තයට පිරිනැමීමද (29) සිදු කෙරුණා.

(29) ආරම්භ වූයේ බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව පැවැත්වෙන 18වන විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවයි. ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර්, බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබ්දුල් මොමෙන්, භූතාන විදේශ අමාත්‍ය ටාන්ඩි ඩෝර්ජි, නේපාල විදේශ අමාත්‍ය නාරායන් කාදික්, තායිලන්ත විදේශ අමාත්‍ය ප්‍රමුද්විනායි යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සමුළුවට සහභාගී වනවා. මියන්මාර විදේශ අමාත්‍යවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුවට සම්බන්ධ වුණා. බිම්ස්ටෙක් සාමාජික රටවල් අතර වෙළෙද එකගතාවලදී මෙන්ම විවිධ අවස්ථාවන්වලදී සාමූහිකව ක්‍රියාකිරීමට විදේශ අමාත්‍යවරුන් මෙම සමුළුවේදී එකගත්වයකට පැමිණ තිබෙනවා. බලශක්තිය කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉදිරි වැඩපිළිවෙළ පිළිබදවද අමාත්‍යවරුන් සාකච්ඡා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *