රට ඉදි සඳහා වන විශේෂ වෙළෙඳ බද්ද රුපියල් 199කින් අඩු කරයි

රට ඉදි සඳහා වන විශේෂ වෙළෙඳ බද්ද රුපියල් 199කින් අඩු කරයි
රට ඉදි සදහා වන විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රුපියල් දෙසීයේ සිට රුපියල දක්වා රුපියල් 199 කින් අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඉදිරි රාමසාන් උපවාස කාලයේදී මුස්ලිම් ජනතාවට සහන සැලසීම අරමුණයි.
රට ඉදි සදහා වන විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද අඩුකර ඇත්තේ මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනුයි. ආනයන බලපත්‍ර පාලන ක්‍රමවේදය යටතේ රටඉදි ආනයනය තහනම්කර ඇති බවට ගෙනයන ප්‍රචාර අසත්‍ය බවද මුදල් අමාත්‍යාංශය අවධාරණය කරනවා. රටඉදි ආනයන කටයුතු ආනයන පාලන බලපත්‍ර ක්‍රමවේදය යටතට පත්කර නොමැති බවද මුදල් අමාත්‍යාංශය දැනුම් දෙනවා.