රුපියල් 20ක් වටිනා සමරු කාසි දෙකක්

රුපියල් 20ක් වටිනා සමරු කාසි දෙකක්
රුපියල් 20ක් වටිනා නව සමරු කාසි දෙකක් නිකුත් කෙරුණා. එය (21) පෙරවරුවේ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හා මෙරට ප්‍රථම ජන හා නිවාස සංගනනයට වසර 150ක් පිරීම වෙනුවෙනුයි මෙම සමරු කාසි නිකුත් කෙරුණේ. රුපියල් 20ක මුහුණත වටිනාකමින් යුත් නව සමරු කාසි දෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වූයේ ජනාධිපති කාර්යාලයේදීයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා එල් විජේරත්න මහත්මිය සහ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් පී එම් පී අනුර කුමාර මහතා එම සමරු කාසි පිළිගැන්වූවා.