විගණන කොමිසම අහෝසි කළේ දුෂණයට, වංචාවට ඉඩ දෙන්නද ? – මෛත්‍රීපාල සිරිසේන

අධිකරණයට අපහාස කළේ යැයි මෛත්‍රීට එරෙහිව පෙත්සමක්
19 වැනි සංශෝධනයෙන් ඇති කළ විගණන කොමිසම 20 වැනි සංශෝධනයෙන් අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදෙන්න දැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේයන්ගොඩ නයිවල දී ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් සිරිසේන මහතා මේ බව සඳහන් කළේය. ඔහු තවදුරටත් පැවසුවේ කෙතරම් වැරදි වැඩ කළත් කිසිදු දේශපාලඥයකු මෙතෙක් හිරේ දමා නැති බවයි. අන්තිමේ ඔවුන් නිදහස් වන බවද ඒ තත්ත්වය තුළ විගණන කොමිසම පැවැතිම ඉතා වැදගත් වන බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් රජය මෙම කොමිසම අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදීමට බවට උගතුන්ට වියතුන්ට මෙන්ම ජනතාවට ප්‍රශ්නයක් වන බවද සඳහන් කළේය.
19 වැනි සංශෝධනයෙන් ඇති කළ ස්වාධීන කොමිෂන් සභා ඉතා වැදගත් වූ කාර්යභාරයක් ඉටුකළ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
අද රටෙි පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීම අත්‍යවශ්‍ය බවද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළේය.