ලබන 27 වනදා සිට රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරයි

ලබන 27 වනදා සිට රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරයි

ලබන 27 වනදා සිට රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරයි

වසර 55කට පසුව රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිය ජාත්‍යන්තර ගුවන් ගමන් මේ මස 27 වෙනිදා සිට යළි ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. මාලදිවයින් ගුවන් සමාගමක් හා ශ්‍රි ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක් වන FITS AIR සමාගම මේ සදහා දැනටමත් එකගතාවය පළ කර ඇතැයි වාර්තාවේ.

රත්මලාන ගුවන් තොටුපළෙන් කාලසටහන්ගත ගුවන් ගමන් ආරම්භ කරනු ලබන ගුවන් සමාගම් සදහා සහන ලබාදීමට රජය සුදානම් වේ. ඒ අනුව එම ගුවන් සමාගම් වලින් අය කරන ගුවන් තොටුපළ අපගමන බද්ද 50%කින් අඩුකිරිමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ මස 27 වන දින සිට වසරක කාලයක් සදහා එය ක්‍රියාත්මකයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කළ බවද සංචාරක ඇමතිවරයා කියා සිටි.

නව යෝජනාවට අනුව මේ මස 27වන දින සිට රත්මලාන ගුවන් තොටුපළින් කාලසටහන්ගත ගුවන් ගමන් ආරම්භ කරන ගුවන් සමාගම් වලින් අය කරන්නේ ඇමෙරිකානු ඩොලර් 60ක් වු අපගමන බද්දෙන් ඇමෙරිකානු ඩොලර් 30ක මුදලක් පමණි. රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ අඩු වියදම් ගුවන් ගමන් සදහා නව ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරිමට සැලසුම් කර තිබේ.

රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රධාන කේෂ්ත්‍ර 05ක් ඔස්සේ සංවර්ධනය කරමින් පවතී. දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක්, විනෝදාස්වාද ගුවන්ගමන් මධ්‍යස්ථානයක්, ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත් එය සංවර්ධනය කිරිමට නියමිතය. මීට අමතරව ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්, පුද්ගලික ගුවන්යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා ගුවන් යානා ඉන්ධන පිරවුම් වැනි අවශ්‍යතාවයන් ඉටුකිරීමටත් මේ යටතේ කටයුතු කෙරෙනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *