වවුනියා බන්ධනාගාරයෙන් රැඳවියෙකු පළා යයි

වවුනියාව බන්ධනාගාරයෙන් (18) උදෑසන රැඳවියෙකු පළාගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙලෙස පළාගොස් ඇත්තේ වවුනියාව – කූමන්කුලම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වන අතර, වවුනියාව ප්‍රදේශයේ නිවාස කිහිපයක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

පලාගිය මෙම රැඳවියා සොයා වවුනියාව බන්ධනාගාර නිලධාරීන් සහ වවුනියාව පොලීසිය ඒකාබද්ධව සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *