දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක්

දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක්

දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක්

දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලෑන්ඩ් (19) දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් අරඹනවා. ලේකම්වරිය ශ්‍රි ලංකාවේද සංචාරයක නිරතවනවා.

බංගලාදේශය, ඉන්දියා සහ ශ්‍රි ලංකාව යන රටවල 19 සිට ලබන 23වනදා දක්වා වික්ටොරියා නුලන්ඩ් මහත්මිය සංචාරය කිරිමට නියමිතයි. ඉන්දු පැසිපික් කලාපිය රටවල් සමග සහයෝගිතාව වර්ධනය කිරිමේ වැඩපිළිවෙල යටතේ මෙම සංචාරය සිදු කෙරෙන බවයි ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.

ශ්‍රී ලංකා සංචාරය තුළදි මෙරට ප්‍රධාන නායකයන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවීමටද ඇය සැලසුම් කර තිබෙනවා. දෙරට අතර ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් මෙහිදි විශේෂ අවධානයක් යොමු වනු ඇති. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති ආරක්ෂණ නියොජ්‍ය ලේකම් අමන්දා ඩෝරි මෙන්ම දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබද සහකාර ලේකම් ඩොනල්ඩ් ලු ද සංචාරයට එක්වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *