ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික ඇන්ටන් රොක්ස්

පන්දු රැකීමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික ඇන්ටන් රොක්ස්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික ඇන්ටන් රොක්ස් පත්කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් දැනුම්දීමක් මේ වනතෙක් සිදුකර නැහැ. කෙසේ වෙතත් ඇන්ටන් රොක්ස් පුහුණුකරු ලෙස කටයුතු කරන එංගලන්නත නොටින්හැම් ශයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම මේ බව නිල වශයෙන් තහවුරු කරමින් ට්විටර් සටහනක් පළකර තිබෙනවා.
ඇන්ටන් රොක්ස් මීට පෙර නවසීලන්ත A කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසත් නෙදර්ලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කළා.