පාර්ලිමේන්තු කැන්ටිමේ වෙනත් ආහාර පාන සහ කිරි නැතිවී මන්ත්‍රී පිරිසක් යකා නටති

මිල්කෝ සමාගමෙන් ඇනවුම් කරන ලද දියර කිරි සහ පාර්ලිමේන්තු කැන්ටිමට අවශ්‍ය වෙනත් ආහාර පාන නොලැබී ඇති අතර එයින් උරණ වූ මන්ත්‍රීවරු පිරිසක් යකා නටා ඇති බව (8)වැනි දා මාධ්‍ය වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තු කැන්ටිම තුළ ආහාර ද්‍රව්‍ය සහ දියර කිරි නොතිබීමෙන් මෙසේ කළහකරන මන්ත්‍රීවරු මේ මොහොතේ ජනතාව මුහුණ දී සිටින අතිශය බරපතළ මූලික ගැටළු කිසිවක් කෙරෙහි අවධානය යොමු නොකරන ආණ්ඩුවේ පිරිසක් බව අනාවරණය වේ.