ඇඩ්වොකාටා බත් කරි මිල දර්ශකයට අනුව සුපිරි වෙළඳසැල් ආහාර 36%කින් ඉහළට

ඇඩ්වොකාටා බත් කරි මිල දර්ශකයට අනුව සුපිරි වෙළඳසැල් ආහාර 36%කින් ඉහළට

ඇඩ්වොකාටා බත් කරි මිල දර්ශකයට අනුව සුපිරි වෙළඳසැල් ආහාර 36%කින් ඉහළට

තෝරාගත් ආහාර ද්‍රව්‍ය කුඩයක සිල්ලර මිලෙහි මාසික වෙනස්වීම් නිරීක්‍ෂණය කරන ඇඩ්වොකාටා බත් කරි මිල දර්ශකය (BCI) 2022 ජනවාරි සිට 2022 පෙබරවාරි දක්වා 1.5%ක පහළ යමක් වාර්තා කර තිබේ. සමස්ත අඩුවීමට බෝංචි (4O%), අමු මිරිස් (15) සහ බටු (13%) මිල පහත වැටීම හේතු වී තිබේ. කෙසේ වෙතත්, සාමාන්‍ය මිල වැඩි වෙමින් පවතින අතර, වසරින් වසර මිල ගණන් 15%කින් ඉහළ ගොස් ඇති බවද එම දර්ශකය පෙන්වා දෙයි. බත් කරි මිල දර්ශකය පදනම් වී ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘සතිපතා ආර්ථික දර්ශක’

වෙතින් ලබාගත් මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත මතය. එමෙන්ම, මෙම මාසයේ සිට බත් කරී මිල දර්ශකය මහා පරිමාණ සුපිරි වෙළෙඳ සැල්දාමයක සිල්ලර මිල ගණන් නිරීක්‍ෂණය කිරීමට යාවත්කාලීන කර ඇත. මෙය ඔවුන්ගේ සතිපතා සිල්ලර භාණ්ඩ සඳහා සුපිරි වෙළෙඳ සැල් මත යැපෙන පාරිභෝගිකයන් සඳහා මිල හැසිරි ඇති ආකාරය පිළිබඳ ආසන්න ඇඟවීමක් ලබාදෙන බව පවසයි. සුපිරි වෙළෙඳ සැල් දත්ත සංසන්දනය කිරීමේදී, සාමාන්‍යයෙන් 04 දෙනෙකුගෙන් යුතු පවුලකට 2020 දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන දහයක කුඩයක් මිලදී ගැනීම සඳහා රු. 1,546ක් වැයවී ඇත. කෙසේ වෙතත්, 2021 දෙසැම්බර් මාසයේදී දැන් එය රු.2,094ක් දක්වා වැඩි වී තිබේ. එනම් වසරක් තුළ 36%ක වර්ධනයකි. එමෙන්ම මහ බැංකු දත්තවලින්ද එම කාල සීමාවේ සිට බත් කරි මිල දර්ශකයෙහි 37% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *