ජනාධිපති සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව නිෂ්පාදන කටයුතු අරඹයි

ජනාධිපති සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව නිෂ්පාදන කටයුතු අරඹයි

ජනාධිපති සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව නිෂ්පාදන කටයුතු අරඹයි

හම්බන්තොට කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

2020 වසරේ මාර්තු මස ඉදිකිරීම් ඇරඹි කර්මාන්ත ශාලාව සඳහා සිදු කෙරුණු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි. අක්කර 63ක භූමි භාගයක අති නවීන පහසුකම්වලින් සමන්විත මෙය දකුණු ආසියානු කලාපයේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතන කිහිපය අතරට එක් වේ. කර්මාන්තශාලාවේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 04ක් වන අතර පළමු අදියර යටතේ මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් දේශීය වෙළෙඳපොළට සැපයෙන බව කළමනාකාරීත්වය පවසයි.

ඉහළ කාර්යක්ෂමතාව, අපතේ යාම සහ පරිසර දූෂණය අවම කිරීම සඳහා වරාය සහ කර්මාන්තශාලාව අතර අමුද්‍රව්‍ය ප්‍රවාහනයට ආවරණය කළ කන්වේයර් බෙල්ට් (Coovered Conveyer Belt) යොදා ඇති අතර පූර්ණ ස්වයංක්‍රීය ස්ටැකර් රික්ලේමර් යාර්ඩ් (Stacker Reclaimer Yard) සහ බ්‍රිජ් – ටයිප් ෂිප් අන්ලෝඩර් (Bridge Type Ship Unloaders) ද්විත්වයක් කර්මාන්තශාලාව සතුය. එමගින් ජාත්‍යන්තර ප්‍රවණතා අනුව ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිතයෙන් භාණ්ඩ හැසිරවීම සිදුකළ හැකි වේ. ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සාමාන්‍ය පොර්ට්ලන්ඩ්, පොර්ට්ලන්ඩ් කොම්පසිට් සහ බ්ලෙන්ඩඩ් හයිඩ්‍රොලික් ඇතුළු සිමෙන්ති වර්ග සියල්ල නිෂ්පාදනයටද සැලසුම් කර තිබේ.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ඉදිකිරීමට යෝජිත නව වානේ කර්මාන්ත ශාලාව සඳහාද මුල්ගල් තැබූහ. අක්කර 250ක භූමියක ඉදිවෙන නව වානේ කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400කි. මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය 2024 අග බාගයේ ඇරඹීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *