රුසියාවතුළ ෆේස්බුක් තහනමක්; සාවද්‍ය පුවත් හුවමාරු කරන්නන්ට වසර 15ක සිර දඬුවම්

රුසියාවතුළ ෆේස්බුක් තහනමක්; සාවද්‍ය පුවත් හුවමාරු කරන්නන්ට වසර 15ක සිර දඬුවම්

රුසියාවතුළ ෆේස්බුක් තහනමක්; සාවද්‍ය පුවත් හුවමාරු කරන්නන්ට වසර 15ක සිර දඬුවම්

වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාව විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සිය රට තුල අවහිර කිරීමට තීරණය කර තිබෙනවා.

යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග හුවමාරු වන සාවද්‍ය තොරතුරු සඳහා වැට බැඳීමක් ලෙස මෙම පියවර ගැනීමට රුසියාව තීරණය කර ඇති බවයි එරට සන්නිවේදන නියාමන කොමිසම විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

මේ අතර රුසියානු හමුදාවන් සම්බන්ධයෙන් සාවද්‍ය පුවත් හුවමාරු කරන පුද්ගලයින්ට උපරිමයෙන් වසර 15ක සිර දඬුවම් නියම කිරීමට හැකි නව නියෝගයකට අත්සන් තැබීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කර ඇති බව වාර්තා වනවා.

මේ සමග රුසියාවේ ක්‍රියාත්මක වන ස්වාධින මාධ්‍ය ආයතන කිහිපයක්ම සිය විකාශන කටයුතු නවතා දැමීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම BBC පුවත් සේවයේ රුසියානු කාර්යාලය තාවකාලිකව වසා දැමීමට එම ආයතනය (05) තීරණය කර තිබෙනවා. ඒ සිය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසායි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *