100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරන්නේ ඇමරිකානුවෙක් – උදය ගම්මන්පිළ

ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරන්නේ ඇමරිකානුවෙක් - උදය ගම්මන්පිළ

ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරන්නේ ඇමරිකානුවෙක් - උදය ගම්මන්පිළ

ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටින බව ඇමතිකම අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා (04) හෙළි කළේය. ඒ නිසා අද අපේ රටට නැවතත් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලය ආරම්භ කිරීමට සිදුව ඇතැයි ඔහු කියා සිටියේ අමාත්‍ය ධුරය අහිමිවීම පිළිබඳ තම ස්ථාවරත්වය දැක්වීමේ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුවට ඇමති ධුරය අහිමි වූ විමල් වීරවංශ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ 11ක නායකයෝ සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ගම්මන්පිළ මන්ත්‍රීවරයා, “පහුගිය වසර එකහමාරක් තුළ අපි විවේචන ඉදිරිපත් කළත් ඇමතිවරු විදියට විවේචන කරන්න අපිට යම් බාධාවන් බැඳීම් තිබුණා. අපි කතා කළේ හරියට දිව ගැටගහලා ගොත ගසනවා වගේ. දැන් අපිට මේ රට මේ අගාධයට ගෙන ගියේ කවුද කියලා අපට නිදහසේ කියන්න පුළුවන් වගේම, නුදුරු දිනයකදී අපි වරින් වර මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳ ඒකට වගකිව යුත්තේ ආන්ඩුවේ කවුරුන්ද කියන එක පිළිබඳ අපි ඉදිරියේ දී රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව තබන්න සූදානම්. එහෙම ඒ වගේම අපිට හිතෙනවා අර 1958 දී දේශපාලන නවකතාවක් ඇමරිකාවේ ප්‍රකාශයට පත් පත්වුණා The Ugly American කියලා. ඒක අවලස්සන ඇමරිකානුවා කියලා මං හිතන්නේ සිංහලටත් පරිවර්තනය වෙලා තියෙනවා. ඉතිං මේ අවලස්සන ඇමරිකානුවා පොත යළි ශ්‍රී ලංකාවේ ලියවෙමින් පවතිනවා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලය ආරම්භ කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා. මේ රටට මෙහෙම කරන්නේ 1997දී ඉන්දුනීසියාව තිබුණු තැනට මේ රට අරන් යන්න කියලා අපට සැකයක් තියෙනවා.

ආර්ථිකය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති අයෙකු විසින් රටේ ආර්ථිකය මෙහෙයවීම නිසා අපේ රට දිනෙන් දිනම අගාධයට ඇද වැටෙන බව අපි දිගින් දිගටම ඇමති මණ්ඩලය තුළ කතා කළා. ඇමති මණ්ඩලය තුළ කතා කරලා පලක් නැති තැන ඇමති මණ්ඩලයෙන් පිටත් කරුණු දක්වන්න පටන් ගත්තා. ඒ වගේම අපි ඇමති මණ්ඩලය තුළ දිගින් දිගටම සටන් කළේ මේ අර්බුදයට විසඳුමක් පේන තෙක් මානෙකවත් නැති උනාම ජනතාව වික්ෂිප්ත වෙනවා වහාම විසඳුමක් හදන්න කියන එක. ආණ්ඩුව ඇතුළේ ඒ විසඳුම සකස් කිරීම සිද්ධ නොවුණු නිසා අපි ‘මුළු රටම හරි මඟට’ යනුවෙන් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ විසඳුම විස දුමක් වගේ දැකලා ඒ විසඳුම ක්‍රියාත්මක කරනවා වෙනුවට විමල් වීරවංශ ඇමතිතුමාවත් මාවත් අමාත්‍ය ධුරවලින් ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ඒක හරියට හඳේ ආවාට පෙන්නන්න ඇඟිල්ල දිගු කරාම හඳේ ආවට දෙස බලනවා වෙනුවට, දිගු කළ ඇඟිල්ල කපා දැමුවා වගේ වැඩක්. ඒ නිසා දැන් සදාකාලික අමාවක උදාවීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා.” යැයිද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *