Type to search

පුලස්තිනි මහේන්ද්‍රන් නොහෝත් “සාරා” හැදු බෝම්බ ගැන සහරාන්ගේ බිරිද CIDයට ප්‍රකාශයක්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ සාරා ජෙස්මින් නොහොත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පුලස්තිනි මහේන්ද්‍රන් නොහෝත් “සාරා” නමැත්තිය බෝම්බ සෑදීමේ ක්‍රියාවලියේ නිරතව සිටි අයකු බවත්, ඒ සදහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය, වෙඩි බෙහෙත් සහ රසායනික ද්‍රව්‍ය ආදිය සියල්ලක්ම ඇය සන්තකයේ තිබූ බවත් මොහොමඩ් සහරාන්ගේ බිරිද අබ්දුල් කාදර් පාතිමා හාදියා යන අය ප්‍රකාශ ලබාදෙමින් සදහන් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට(04) කරුණු වාර්තා කළේය.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටින මොහොමඩ් සහ්රාන් යන අයගේ බිරිදගෙන් බන්ධනාගාරයට ගොස් දින 06ක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් එහිදී ඇය මෙම ප්‍රකාශය සිදුකරනු ලැබූ බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය (04) කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

සාරා ජෙස්මින් යන අය නිතර නිතර සිදුකරමින් සිටියේ අන්තර්ජාලය පරිශීලනය කිරීමත් තොරතුරු එක්රැස්කිරිමත් පසුව ඒවා තම කණ්ඩායමේ අයවලුන්ට බෙදා හැරීමත් බව මොහොමඩ් සහ්රාන් යන අයගේ බිරිද වන අබ්දුල් කාදර් පාතිමා හාදියා යන අය බන්ධනාගාරයේදී ප්‍රකාශ ලබා දෙමින් සදහන් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අවස්ථාව තිබියදී අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවේ උසස් නිලධාරීන් කණ්ඩායමක් ඒ පිළිබදව නිසි පරිදි විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත්අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් පෙබරවාරි මස 10 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට යොමුකරන ලද පෙත්සමක් විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයා විසින් ඉකුත් දෙසැම්බර් මස 03 වැනිදා තම ඒකකයට භාරදෙනු ලැබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකක ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *