ලංකාවේ ආර්ථික යුද්ධය යුක්රේන රුසියානු යුද්ධයට වඩා බලවත් – වජිර අබේවර්ධන

පුරප්පාඩු වූ රනිල්ගේ මන්ත්‍රී ධූරය වජිර අබේවර්ධනට

පුරප්පාඩු වූ රනිල්ගේ මන්ත්‍රී ධූරය වජිර අබේවර්ධනට

ගාල්ලේදී (27) පැවති පාක්ෂික හමුවකට සහභාගි වෙමින් යුක්රේන රුසියානු යුද්ධයට වඩා ශ්‍රී ලංකාව තුළ තිබෙන ආර්ථික යුද්ධය වඩා බලවත් වී ඇති බව එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසීය. ඔහු මෙසේ කීය.

“කෝවිඩ් වසංගතය සමග ලෝකයේ රටවල් තමන්ගේ ආර්ථික තත්වය වර්ධනය කර ගැනීම සිද්ධ වුණා. ලංකාවේ ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීම නිසා මේ අයහපත් තත්ත්වය වර්ධනය වුණා. මේ අවස්ථාවේ එකිනෙකාට ඇඟිලි දික් කිරීමට වඩා මේ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්‍ෂ අවධානය යොමුකළ යුතුයි. දැන් රටේ තෙල් පෝලිම්, තෙල් අර්බුදය නිසා රටේ කිසිදු කර්මාන්තයක් ව්‍යාපාරයක් සාර්ථක කර ගන්න බැහැ. යුක්රේන රුසියානු යුද්ධයට වඩා ශ්‍රී ලංකාව තුළ තිබෙන ආර්ථික යුද්ධය වඩා බලවත් වෙලා. ඕනෑම යුද්ධයකින් පසුව ඒ ඒ රටවල් අතර තාක්‍ෂණික නැගිටීමක් විශාල ලෙස ඇති කර ගෙන තියෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ ආර්ථික රටාව, ආණ්ඩු මාරු වෙනකොට ජාතික ප්‍රතිපත්ති මාරු වීම් හරහා මහජනතාව ප්‍රධාන පීඩනයකට පත්ව වෙලා. විදුලිය නැති වීම නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සමග මුළු මහත් රාජ්‍යයම කඩාවැටෙන තත්ත්වයට පත් වෙලා.

අපි සියලු දෙනා එකතු වෙලා රටට ජාතික වැඩපිළිවෙළක් සැකසීම කළ යුතු මොහොතක් මේ. ලෝකයේ මොන තරම් යුද්ධ තිබුණත් ශ්‍රී ලංකාව ඒක පාලනය කරගෙන ජාත්‍යන්තරය සමග ක්‍රියා කළ යුතුව තියෙනවා. ඒකට නිදහසට කරුණු කීමෙන් ජනතා ප්‍රශ්න විසඳීමට හැකියාවක් නැහැ. මෙහෙම ගියොත් තම තමන්ගේ වාහන ටික ගෙදර තියලා ගල් යුගයට ගිහිල්ලා ජීවත්වීමට තමයි සිදුවෙන්නේ”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *