SpaceX සමාගම තවත් චන්ද්‍රිකා 46ක් පෘථිවි කක්ෂයට පිටත් කරයි
![SpaceX සමාගම තවත් චන්ද්‍රිකා 46ක් පෘථිවි කක්ෂයට පිටත් කරයි](https://srihanda.lk/wp-content/uploads/2022/02/චන්ද්‍රිකා-46ක්-කක්ෂගත-කරයි-650x359.jpg)
SpaceX සමාගම තවත් චන්ද්‍රිකා 46ක් පෘථිවි කක්ෂයට පිටත් කරයි
සුප්‍රසිද්ධ ව්‍යාපාරික එලෝන් මක්ස්ගේ SpaceX සමාගම යටතේ ක්‍රියාත්මක Starlink අන්තර්ජාල වන්ද්‍රිකා තාක්ෂණික සේවාව සදහා තවත් චන්ද්‍රිකා 46ක් පෘථිවි කක්ෂය වෙත පසුගියදා සාර්ථක ලෙස පිටත් කර හැරුණු බව විදෙස් මාධ්‍ය පවසයි.
එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ පිහිටි කේප් කැනවරල් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එරට නැගෙනහිර වේලාවෙන් පෙරවරු 9.44ට පමණ මෙම චන්ද්‍රිකා කක්ෂගත කිරීම සිදුව ඇත. එහිදී SpaceX සමාගමට අයත් Falcon 09 රොකට්ටුවක් මේ සදහා යොදාගෙන තිබේ. මෙම කක්ෂගත කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කළ SpaceX සමාගම අදාළ චන්ද්‍රිකා සියල්ලම සාර්ථක ලෙස පාථිවි කක්ෂයේ නියමිත ස්ථානයේ පිහිටවුණු බව ස්ථිර කර තිබේ.
මෙය Falcon9 රොකට්ටුවක් මගින් SpaceX සමාගමේ Starlink වැඩසටහන වෙත සහයෝගය ලබා දුන් 11වැනි අවස්ථාවයි. පසුගියදා කක්ෂගත කෙරුණු මෙවැනි චන්ද්‍රිකා 40කට ආසන්න සංඛ්‍යාවක් චුම්භක කුණාටුවකට හසුව නියමිත කක්ෂයේ ස්ථානගත නොවී ආපසු පෘථිවිය මතට වැටීම හේතුවෙන් පෘථිවි වායුගෝලයේදී දැවී විනාශ වී ගිය බව සඳහන් විය.
මෙම Starlink වැඩසටහන හරහා මෙතෙක් අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපහසුව පවතින දුෂ්කර ස්ථාන වෙත එම පහසුකම් ලබාදීම සැලසුම වී තිබේ. මේ දක්වා එම ව්‍යාපෘතිය වෙනුවෙන් චන්ද්‍රිකා 2,000ක් පමණ පෘථිවි කක්ෂයට යවා ඇතැයි සදහන් වෙයි.