හොංකොං රාජ්‍යයේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට ආසන්න තත්ත්වයේ; සියලු වැසියන්ට කොරෝනා පරීක්ෂණය අනිවාර්ය කෙරේ
 
                හොංකොං රාජ්‍යයේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට ආසන්න තත්ත්වයේ; සියලු වැසියන්ට කොරෝනා පරීක්ෂණය අනිවාර්ය කෙරේ
හොංකොං රාජ්‍යයේ සියලු වැසියන්ට කොරෝනා පරීක්ෂණ සිදු කර ගැනීම අනිවාර්ය කර තිබෙනවා.
හොංකොං රාජ්‍යය මේ වනවිට පස්වන වටයේ කොරෝනා වයිරස ව්‍යාප්තියකට මුහුණ දී සිටිනවා. එරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට ආසන්න තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ. මිලියන 7.5ක් වන එරට පුරවැසියන්ට කොරෝනා පරීක්ෂණය සිදු කර ගැනීම අනිවාර්ය බව එරට ප්‍රධාන විධායක නිලධාරී කැරී ලෑම්ප් (22) නිවේදනය කළා. මාර්තු මාසයේදී ආරම්භ වන එම පරීක්ෂණ වාර තුනකින් සමන්විතයි.
කෙසේ වුවද එරට කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට චීනයේ පූර්ණ සහයෝගය මේ වන විටත් ලැබී තිබෙනවා. නව රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        