ආසියාවේ ඇති වටිනාම රන් හා පළිඟු කරඬු යකඩ සේප්පුවෙන් එළියට ගත්තේ නීති ප්‍රබලයෙකුගේ කීමට ද?

ආසියාවේ ඇති වටිනාම රන් හා පළිඟු කරඬු යකඩ සේප්පුවෙන් එළියට ගත්තේ නීති ප්‍රබලයෙකුගේ කීමට ද?

ආසියාවේ ඇති වටිනාම රන් හා පළිඟු කරඬු යකඩ සේප්පුවෙන් එළියට ගත්තේ නීති ප්‍රබලයෙකුගේ කීමට ද?

රඹුක්කන, දැලිවල කොටවෙහෙර රජමහ විහාරස්ථානයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබූ සේප්පුවක ආරක්ෂිතව තැන්පත් කර තිබුණු ආසියාවේ ඇති වටිනාම රන් හා පළිඟු කරඬු නීති ක්ෂේත්‍රයේ හිටපු ප්‍රබලයෙකුගේ මැදිහත්වීම මත වීදුරු මංජුසාවක තැන්පත් කරන්නට විහාරාධිපතිට සිදුවී ඇතැයි වාර්තා වේ.

රන් කරඬු තැන්පත් කර තිබූ එම වීදුරු මංජුසාව වෙඩි නොවදින එකක් බවත්, එය කුළුගෙඩි 100කින්වත් ගසා කඩා දැමිය නොහැකි බව ත් එම නීති ප්‍රබලයා විහාරාධිපති හිමියන්ට පැවසීම මත ඓතිහාසික වටිනාකමක් ඇති කරඬු යකඩ සේප්පුවෙන් ඉවත් කොට එම වීදුරු මංජුසාවේ තැන්පත් කර ඇතැයි ද එම වාර්තා වැඩිදුරට ත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් විහාරාධිපති හිමියන්ට හා දායක සභාවේ පිරිසට එම වීදුරු මංජුසාව තුළ තැන්පත් කර තිබූ ඓතිහාසික රන් කරඬු පිළිබඳව ඇති වූ අනාරක්ෂිතභාවය සලකා එම කරඬු අනුරූප කිහිපයක් සකස්කොට එම අනුරූ පෙර කී වීදුරු මංජුසාව තුළ නැවත තැන්පත් කිරීමට දායක සභාව පියවර ගෙන තිබුණු බව ද කියයි.

මේ බව දැනගත් එම නීති ප්‍රබලයා එය නිවැරදි නොවන බවත් කරඬු අනුරූ සකසා එය වැඳුම් පිදුම් කරන්නට ලබා දීම සුදුසු නොවන බවත් පවසා නියම රන් කරඬු නැවතත් සේප්පුවෙන් ඉවත් කොට වෙඩි නොවදින වීදුරු මංජුසාවේ තැන්පත් කිරීමට විහාරාධිපති හිමියන්ට සහ දායක සභාවට බලපෑම් කර ඇති බවත් විහාරස්ථාන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සොරුන් විසින් කඩා බිඳ දමා ඇත්තේ එම නීති ප්‍රබලයා විසින් රන් කරඬු තැන්පත් කිරීමට විහාරස්ථානයට පූජා කරන ලද එම වීදුරු මංජුසාව බව ත් එම ආරංචි මාර්ග කියයි.

මෙම වීදුරු මංජුසාව ඉතා ඝන වීදුරුවකින් යුතුව මාතලේ පුද්ගලයෙකු විසින් නිමවා ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් වසර දෙදහස් දෙසීයක ඓතිහාසික වටිනාකමකින් යුත් රන් කරඬු සොයා ගැනීම සඳහා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, රඹුක්කන පොලිසියට අමතරව රහස් පොලිස් විශේෂ කණ්ඩායමක්ද (16)වන දින රජමහ විහාරස්ථානයට ගොස් විමර්ශනවල යෙදෙන අයුරු දක්නට ලැබිණි.

විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා රඹුක්කන පොලිසිය විසින් යොදන ලද මුර සංචාර පොතක් ද ආවාස ගෙය ඉදිරිපස එල්ලා තිබුණ ද එය ද හරිහැටි පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වී නැතැයි වාර්තා වේ.

එහෙත් සිද්ධියෙන් පසු රඹුක්කන පොලිසිය නිලධාරීන්ගේ ආරක්ෂාව විහාරයට යොදවා ඇතැයි පෙනෙන්නට තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *