කොවිඩ් හැඳුනොත් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් වැඩියි

0

කොවිඩ් එන්නත ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධවලට වඩා කොවිඩ් රෝගය වැළඳීමෙන් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් පමණ වැඩි බව පරීක්ෂණවලදී සොයාගෙන ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසුවාය.

එමෙන්ම එන්නත ලබාගෙන සිටියදී කොවිඩ් වැලඳුණු අයට ( පසු කොවිඩ් තත්ත්වය) හතිගතිය, අමතකවීම වැනි රෝග ලක්ෂණ මතුවීමද පස් ගුණයකින් පමණ අඩු බව ඇය සඳහන් කළාය.

සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කෙරෙන ඖෂධ වර්ග ලබාගැනීම භයානක බවද විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com