සුප්‍රසිද්ධ ලිත් නඩුවෙනුත් බැසිල් නිදහස්


වත්මන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු දෙදෙනෙකුට එරෙහිව පවතින සුප්‍රසිද්ධ ලිත් නඩුවෙන් ඔවුන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියෝග කර තිබේ.
එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත්වූ 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂගේ රුව ඇතුළත් ලිත් මුද්‍රණය කොට දිවි නැගුම දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 50ක මුදලක් පාඩු කිරිම සම්බන්ධවෙයන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
විනිසුරුවරයා එම නියෝගය ලබා දී ඇත්තේ, මෙම නඩුවේ සාක්කි විමසීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ ඉල්ලීමක් පිළිගනිමිනි.