ශ්‍රී ලංකාවේ හමුදාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරනවා – පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය(FCDO)

ශ්‍රී ලංකාවේ හමුදාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරනවා - පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) අමාත්‍ය ඇමන්ඩා මිලින්ග්

ශ්‍රී ලංකාවේ හමුදාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරනවා - පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) අමාත්‍ය ඇමන්ඩා මිලින්ග්

ශ්‍රී ලංකාවේ හමුදාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරමින් සිටින බව බ්‍රිතාන්‍යයේ සිටින විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) අමාත්‍ය ඇමන්ඩා මිලින්ග් එරට මන්ත්‍රී මණ්ඩලයට දන්වා ඇත.

ඇය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ නිරන්තරයෙන් සාකච්ජා පවත්වන බවකි.

ඇය තවදුරටත් මෙසේ පවසා ඇත:

“එක්සත් රාජධානියේ ආන්ඩුව එක්සත් රාජධානියේ ගෝලීය මානව හිමිකම් සම්බාධක තන්ත්‍රය යටතේ ඇති සියලුම සාක්ෂි සහ විභව තනතුරු සමීප සමාලෝචනයකට ලක් කරයි, මේ හරහා සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබේ. අනාගත සම්බාධක ඉලක්ක ගැන අපි සාමාන්‍යයෙන් අනුමාන නොකරමු, එසේ කිරීමෙන් ඒවායේ බලපෑම අඩු කළ හැකිය.’ යනුවෙන් ඇය පවසා ඇත.

එක්සත් ජනපදය 2020 පෙබරවාරි මාසයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS)ද වන ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාට සංචාරක තහනමක් පැනවීය. පසුගියදා විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය පෙරේරාට විදෙස් ගමන් තහනමක් පැනවීමෙන් ශ්‍රී ලංකා හමුදාවට එරෙහි ක්‍රියාමාර්ගය දීර්ඝ කිරීමට ඇමරිකාව කටයුතු කළේය.

එක්සත් රාජධානිය පදනම් කරගත් Global Tamil Forum (GTF) සංවිධානය බ්‍රිතාන්‍ය රජයේ මෙම ස්ථාවරය අගය කර ඇත.

– LHN

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *