ජනපති ගෝඨාභයගේ රාජාසන කතාව කිසිම තේරුමක් නැති කතාවක් – ආර්. සම්බන්ධන් කෝපයෙන් බැසිල්ගේ මුහුණටම කියයි

0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රාජාසන කතාව කිසිඳු හරයක් නොමැති නිෂ්ඵල කතාවකි. එහි ගත යුතු කිසිඳු දෙයක් නොමැත. මාගේ මේ අදහස මේ අකාරයෙන්ම ගොස් ජනාධිපතිතුමා වෙත පවසන්නැයි මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහතාගේ මුහුණට කඩා පැන දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා තවදුරටත් ප්‍රකාශ කළේ :-

“ජනපතිගේ කතාවට සවන් දුන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා එම කතාව අසා දැඩි කෝපයට පත් විය. කතාව අවසන් වූ වහාම නැගිට පාර්ලිමේන්තුවේ සිය දැඩි විරෝධය පළ කරීමට එතුමාට අවශ්‍ය විය. ඒ වෙනුවෙන් ඔහු නැගිට්ටේය.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් ක්‍රියා නොකළ යුතු බව සිතූ ඔහු, එසේ අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.

නමුත්, පාර්ලිමේන්තුවේ සිට පිටත පැමිණෙන විට ලොබියේදී තම මුහුණට මුහුණ හමු වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත තම කෝපය සම්බන්ධන් මහතා පළ කළේය.

ජනාධිපතිතුමාගේ මෙම කතාව පල්හෑල්ලකි. මෙහි ගත යුතු කිසිවක් නොමැත. මෙය ගොස් ඔහු වෙත පවසන්න. මම තේ පැන් සංග්‍රහයට සහභාගී නොවෙම්. ආවොත් මම මෙය ඔහුගේ මුහුණට කෙළින්ම කියන්නට සිදු වේවි.

අපේ රටේ ජාතික ප්‍රශ්න පිළිබඳ කිසිවක් මෙම කතාවේ දී ඇසෙන්නට නොලැබිණි. මෙම ගැටළුව විසඳා නොගතහොත් ඔබට කිසිඳු කටයුත්තක් සාර්ථකව කළ නොහැක.

මෙම සිද්ධිය බලාපොරොත්තු නොවූ බැසිල් රාජපක්ෂ මහතා ඔහුව සමාදාන කර ‘තෑන්ක්‍යූ, තෑන්ක්‍යූ…!’ යැයි පවසා එම ස්ථානයෙන් නික්ම ගියේයැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com