යාපනය යනු ශ‍්‍රී ලංකාවේ උතුරේ කොටසක් මිස වෙනත් රටක දකුණේ කොටසක් නොවේ – චීන තානාපති

යාපනය යනු ශ‍්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි නගරයක් මිස එය වෙනත් කිසිදු රටක දකුණින් පිහිටි නගරයක් නොවන බව කොළඹ සිටින චීන තානාපතිවරයා සඳහන් කරයි.

මෑතක දී තමන් යාපනයේ සිදු කළ සංචාරය පසුපස කිසිදු සැඟවුණු න්‍යාය පත‍්‍රයක් නැති බවද ඒ මහතා පැවසීය.

කොළඹ චීන තානාපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී ජනමාධ්‍යවේදීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස විවිධ ප්‍රදේශවල සංචාරය කිරීම තමන්ගේ යුතුකමක් බව පවසන තානාපතිවරයා කොරෝනා වසංගතය නිසා තමන්ට එම කටයුත්ත සිදු කළ නොහැකි වූ බවත් රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට බොහෝ කලක සිට සැලසුම් කර තිබූ බවත් ඔහු තව දුරටත් පවසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *