ශ්‍රී ලංකාව ආසියාවේ සංචාරයට සුදුසු‍ ආරක්ෂිතම රට – ලෝක සංචාරක කවුන්සිලය

ශ්‍රී ලංකාව ආසියාවේ සංචාරයට සුදුසු‍ ආරක්ෂිතම රට - ලෝක සංචාරක කවුන්සිලය

ශ්‍රී ලංකාව ආසියාවේ සංචාරයට සුදුසු‍ ආරක්ෂිතම රට - ලෝක සංචාරක කවුන්සිලය

ආසියානු කලාපයේ සංචාරයට සුදුසු‍ ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවට ලෝක සංචාරක කවුන්සිලය විසින් නම් කර තිබේ.

විදේශීය සංචාරකයන් සඳහා රට විවෘත කිරීමත් සමඟ ගත වූ මාස 3ක කාලය තුළ සංචාරකයන්ගේ පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇත. ගත වූ දින 11 තුළ පමණක් සංචාරකයන් 31,688 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර, ඔක්තෝබර් මස සංචාරකයන් 22,771ක්, නොවැම්බරයේ සංචාරකයන් 44,294ක් මෙන්ම දෙසැම්බරයේ සංචාරකයන් 89,506ක් මෙරටට පැමිණ තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට හිත කර තත්ත්වයක් බවද මේ වන විට විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යමින් තිබෙන බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *