දේශීය ඖෂධ නිෂ්පාදනයට නව ඖෂධ කර්මාන්තශාලා තුනකට අවබෝධතා ගිවිසුම්

දේශීය ඖෂධ නිෂ්පාදනයට නව ඖෂධ කර්මාන්තශාලා තුනකට අවබෝධතා ගිවිසුම්

දේශීය ඖෂධ නිෂ්පාදනයට නව ඖෂධ කර්මාන්තශාලා තුනකට අවබෝධතා ගිවිසුම්

දේශීය ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර පහ තුළ ඉහළම ඉලක්කය කරා ගෙනයාමේ වැඩපිළිවෙල යටතේ නව ඖෂධ කර්මාන්තශාලා තුනක් සඳහා වන අවබෝධතා ගිවිසුම (12) නාගරික සංවර්ධන අධිකාරියේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්සන් තැබුවා.

මෙම ගිවිසුම අත්සන් කරනු ලැබුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර යන මහත්වරුන් විසින්.

නාගරික සංවර්ධන අධිකාරියේ දීර්ඝ කාලීන බදු පදනම යටතේ හොරණ මිල්ලෑව ප්‍රදේශයේ අක්කර 65ක භූමි ප්‍රමාණයක මෙම කර්මාන්තශාලා ඉදිකිරීම ආරම්භ කෙරෙනවා.

පිළිකා ඖෂධ, විකලාංග උපාංග/ ඖෂධ හා සාමන්‍ය පෙති කරල් ඖෂධ මෙම කර්මාන්තශාලා මගින් නිෂ්පාදනය කිරීමට සැලැසුම් කෙරේ. මින් සාමාන්‍ය පෙති කරල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාව වසර දෙක හමාරක් තුළ ඉදිකර අවසන් කිරීමට මෙන්ම අනෙක් කර්මාන්තශාලා වසර දෙකක් තුළ අවසන් කිරීමට සැලැසුම් කර තිබෙනවා. මෙම කර්මාන්තශාලා ඉදි කිරීමෙන් මෙරට සමස්ත ඖෂධ හා වෛද්‍ය උපකරණ වල අවශ්‍යතාවයෙන් 10% – 12% ත් අතර ප්‍රමාණයක් සපුරා ගැනීමට හැකිවනු ඇති.

විශේෂයෙන් ඉතා මිල අධික විකලාංග උපාංග මෙම කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය කෙරෙන අතර ජර්මනිය, ස්විට්සර්ලන්තය වැනි රටවලින් රුපියල් බිලියන ගණනින් මුදල් වැයකර ඒවා මේ වනවිට මෙරටට ගෙන්වනුලබනවා. එමෙන්ම පිළිකා ඖෂධ සඳහාද මේ වන විට ඉහළ වියදමක් දරන අතර නව කර්මාන්තශාලාවන් ආරම්භ කිරීමෙන් විශාල විදේශ විනිමයක් ඉතිරි කරගත හැකිවනු ඇති.

නව කර්මාන්තශාලා ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට යටත්ව යුරෝපානු ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරනු ලබනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *