තවත් නව දේශපාලන පක්ෂ තුනක් – මැතිවරණ කොමිෂන් සභාව

0
ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්

ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්

නව දේශපාලන පක්ෂ තුනක් සඳහා ලියපදිංචිය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

තමිල් මක්කල් කූට්ටනී, නව ලංකා නිදහස් පක්ෂය සහ දමිල ප්‍රගතිශීලි සන්ධානය යන පක්ෂ තුනට ලියාපදිංචිය ලබාදුන් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පවසයි.

උතුරු පළාතේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් තමිල් මක්කල් කූට්ටනී පක්ෂය ස්ථාපිත කර ඇති අතර නවලංකා නිදහස් පක්ෂයේ නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාය.

මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් දමිල ප්‍රගතිශිලි සන්ධානය ස්ථාපිත කර තිබේ.

ඒ අනුව මෙරට පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79කි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com