මැලේරියා මර්දන ව්‍යාපාරයෙන් මහජනතාවට ඉල්ලීමක්

මැලේරියා මර්දන ව්‍යාපාරයෙන් මහජනතාවට ඉල්ලීමක්

මැලේරියා මර්දන ව්‍යාපාරයෙන් මහජනතාවට ඉල්ලීමක්

විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් කිසියම් හෝ රෝගී තත්ත්වයක් මත වෛද්‍යවරයකු හමුවන්නේ නම් තමන් විදේශගත වී සිට පැමිණි බව නොසඟවා හෙළි කරන ලෙස මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර ජනතාවගෙන් ඉල්ලා සිටී.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ඇතැම් පුද්ගලයන් මාර්ගයෙන් මෙරට තුළ දැනටමත් මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුවීම හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ හරහා මුල් අදියරේදීම රෝගය හඳුනා ගත යුතු බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයිද වෛද්‍යවරයා පැවැසීය. හෙතෙම එහිදී මෙසේද පැවැසීය. අද කොරෝනාවලින් මිනිස්සු මිය යන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් එදා මැලේරියාව නිසා මියගියා. ඒ නිසා මැලේරියාව සුළුවෙන් තකන්න බැහැ.

තවමත් මේ රටෙන් වාර්තා වෙන්නේ විදේශයන්හි සිට මැලේරියාව වැලඳී ආපු අය විතරයි. ලංකාවේ වෙසෙන පිටරට නොගිය කෙනකුට මැලේරියාව බෝ වුණොත් එතකොට ඒක වසංගතයක් වෙනවා. පෞද්ගලික රෝහලකින් වුවද මැලේරියා රෝගියකු පිළිබඳව වාර්තා වුවහොත් 011-7626626 යන දුරකථන අංකය හරහා දැනුවත් කරන්නැයි වෛද්‍යවරයා ඉල්ලීමක් කළේය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *