දෛනිකව පැයක් හෝ පැය 02 කාලයක් විදුලි කප්පාදුවක්ට අවසර

ජූලි මස සිට යෝජිත විදුලිබිල සංශෝධනය

ජූලි මස සිට යෝජිත විදුලිබිල සංශෝධනය

දෛනිකව පැයක් හෝ පැය 02 කාලයක් විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

එම මණ්ඩලය කළ ඉල්ලීමක් අනුවයි එම අවසරය ලබාදුන් බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

දහවල් කාලයේ පැය 02ක කාලයක් සහ සවස 06 සිට රාත්‍රී 09 දක්වා අධික ඉල්ලුමක් පවතින කාලය තුළ පැය භාගයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් විදුලිය කප්පාදු කරන කාලවේලාවන් පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.
තාප විදුලි බලාගාර සඳහා දැවිතෙල් සැපයීමේ අර්බුදයක් හේතුවෙන් ඉකුත් දින කිහිපයේදී ද ප්‍රදේශ කිහිපයකට විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *