මහ බැංකුවේ රන් සංචිතත් අඩුවෙයි
 
                ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත විදෙස් සංචිත අර්බුදය හමුවේ මෙරට නිල රන් සංචිත ප්‍රමාණයද වේගයෙන් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
2022 වසර ආරම්භ වනවිට මහ බැංකුව සතු නිල රන් සංචිතවල වටිනාකම ඩොලර් මිලියන 175.4ක් දක්වා අඩුවී ඇති බව අනාවරණය වේ. 2021 වසරේ නොවැම්බර් මාසයේදී එම රන් සංචිතවල වටිනාකම ඩොලර් මිලියන 383.2ක් ලෙස සටහන්ව තිබී ඇත.
එහෙත් 2021 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට මහ බැංකුව සතු රන් සංචිතවල වටිනාකම ඩොලර් මිලියන 175.4ක් ලෙස එම වාර්තාවල සටහන් වේ. ඒ අනුව දෙසැම්බර් මාසය තුළ දී පමණක් ඩොලර් මිලියන 207.8 ක රන් සංචිත මුදා හැර තිබේ.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        