නව පනතක් සකස් කළ පසු පළාත් සභා මැතිවරණය පවත්වනවා – දිනේෂ් ගුණවර්ධන

නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරැණි ඡන්ද ක්‍රමයටම කඩිනමින් පළාත් සභා ඡන්දය පැවැත්වීමට නිර්දේශය

නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරැණි ඡන්ද ක්‍රමයටම කඩිනමින් පළාත් සභා ඡන්දය පැවැත්වීමට නිර්දේශය

නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

එදා අප එපා යැයි කියද්දී ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යනාදී දේශපාලන පක්ෂ වැරදි පනතකට අත ඉස්සූ බවත් පළාත් සභා පනත ක්‍රියාත්මක කරන්නේ නම් අලුතින් සංශෝධන ගණනාවක් ඊට එක් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය මේ අනුව දැනුම්දී ඇති බවත් ගුණවර්ධන මහතා පැවසුවේය.

එම පනත සම්මත කරගෙන ඇත්තේ වැරදි ආකාරයට බව පැවසූ අමාත්‍යවරයා පනත මේ අනුව සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.

මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් බවත් නව පනත සකස් කළ පසු මැතිවරණය පවත්වන බවත් හෙතෙම සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඉදිරියේ දී සිදුවන්නේ දැයි මෙහිදී කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමට බලය සහ හැකියාව ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *