ප්‍රමිතියක් අනිවාර්යය කිරීමට ආයතනයට බලයක් නෑ – ගෑස් ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

ප්‍රමිතියක් අනිවාර්යය කිරීමට ආයතනයට බලයක් නෑ - ගෑස් ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත බලය ලබා දී ඇත්තේ LPG රහිත ගෑස් සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට පමණක් බව දක්වමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න එම නිවේදනයෙන් දක්වා ඇත්තේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සියලුම ප්‍රමිතීන් ස්වේච්ඡා ප්‍රමිතීන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර කිසිදු ප්‍රමිතියක් අනිවාර්යය කිරීමට එම ආයතනයට බලයක් නොමැති බවයි.