අමාත්‍යාංශ ලේකම්වරුන් 08 දෙනෙකුට උසස්වීම් – පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

තනාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් 7කු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

තනාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් 7කු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් 08 දෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙයි.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසා ඇති ආකාරයට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (23) පැවැති මෙම උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී අනුමැතිය හිමි වූ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාද වේ.

ඔහුට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්. එච්. කරුණාරත්ත මහතා මහතාටත් , උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එල්.පී.ආර්. අභයරත්න මහතාටත්, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එන් ලියනගේ මහත්මියටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක මහතාත්, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඒ.ඩී.ආර්.නිශාන්ති ජයසිංහ මහත්මියත්, පත් කිරීමට මෙම කාරක සභාව අනුමැතිය ලබා දී තිබෙයි.

කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.එන්. රණසිංහ මහතා පත්කිරීම්ටත්, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *