ක්‍රීඩා 2022 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට Editor3 November 19, 2021 0 2022 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට ලබන වසරේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම තරගාවලිය ලබන වසරේ දී පැවැත්වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදියි. කණ්ඩායම් 16ක් එහිදී තරග වදින අතර කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්වෙනවා. තරග 48කින් සමන්විත යොවුන් ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ ජනවාරි 14 වනදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා කොදෙව් දූපත් හි ක්‍රීඩාංගන 10කදී පැවැත්වීමට නියමිතයි. නිරෝධායන නීති රීති සම්බන්ධයෙන් පවතින ගැටලුවක් හේතුවෙන් නවසීලන්ත යොවුන් කණ්ඩායම මෙවර යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන්නේ නැහැ. ඒ වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම තරගාවලියට ආදේශ කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී තරග වදින්නේ ඩී කාණ්ඩයෙන්. එම කාණ්ඩයට ඕස්ට්‍රේලියාව, ස්කොට්ලන්තය සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද ඇතුළත්. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගි වන පළමු තරගය ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ජනවාරි මස 14 වැනිදා ගයානා හී දී පැවැත්වෙනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකාවට 2026 T20 ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වයNext මහින්ද රාජපක්ෂ පාපන්දු කුසලානය සීෂෙල්ස් රාජ්‍යයට More Stories ක්‍රීඩා දේශීය පුවත් ශ්‍රී ලංකාව ICC නවතම ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකා කණ්ඩායම පියවරක් ඉදිරියට Editor3 September 15, 2025 0 ක්‍රීඩා දේශීය පුවත් කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ Editor3 September 11, 2025 0 ක්‍රීඩා දේශීය පුවත් පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් Editor3 September 9, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ