ඕස්ට්‍රියාවෙන් සුවිශේෂ තීරණයක්: එන්නත් දෙක ලබා නොමැති නම් ලොක් ඩවුන්

ඕස්ට්‍රියාවෙන් සුවිශේෂ තීරණයක්: එන්නත් දෙක ලබා නොමැති නම් ලොක් ඩවුන්

ඕස්ට්‍රියාවෙන් සුවිශේෂ තීරණයක්: එන්නත් දෙක ලබා නොමැති නම් ලොක් ඩවුන්

යුරෝපීය රටක් වන ඔස්ට්‍රියාවේ ඉරිදා (14) මධ්‍යම රාත්‍රියේ සිට එන්නත් නොකළ සියලුම පදිංචිකරුවන් සඳහා රට අගුලු දමන ලද බව රජය වෙනුවෙන් චාන්සලර් Alexander Schallenberg නිවේදනය කළේය.

අගුලු දැමීම ඔස්ට්‍රියාවේ මිලියන 8.9ක ජනගහනයෙන් මිලියන දෙකකට පමණ බලපාන අතර සමාලෝචනයට පෙර දින 10ක් පවතිනු ඇත.

වයස අවුරුදු 12ට වැඩි ඕනෑම අයෙකු එන්නත් දෙක ලබා නොමැති නම්, රැකියාවට, පාසලට, ව්‍යායාමයට සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පමණක් තම නිවෙස්වලින් පිටවීමට අවසර ලැබේ. අන් සියලු ක්‍රියාකාරකම් තහනම්ය. මෙම නීතිය මීට දින දෙකකට පෙර සිකුරාදා, ඉහළ ඔස්ට්‍රියාව සහ සල්ස්බර්ග් යන කලාප දෙකක පමණක් ක්‍රියාත්මක බවට එරට රජය විසින් නිවේදනය කරන ලද නමුත් මෙය දැන් රටේ සෙසු ප්‍රදේශවලට ද ව්‍යාප්ත කර ඇත.
ඔස්ට්‍රියාව බටහිර යුරෝපයේ අඩුම එන්නත්කරණ අනුපාතයක් ඇති රට වන අතර දින හතක සාමාන්‍ය කොරෝනා ආසාදන අනුපාතය පුද්ගලයින් 100,000 කට 775.5 කි. එක්සත් රාජධානියේ මෙම අගය දැනට 100,000 කට 348.7 කි.

නව ක්‍රියාමාර්ග මඟින් එන්නත් ලබා ගැනීමට සහ රෝගීවීම මැඩපැවැත්වීමට මිනිසුන් දිරිමත් කරනු ඇතැයි නීති සම්පාදනය කළ අමාත්‍යවරු බලාපොරොත්තු වෙති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *