නව මත්පැන් මිල ගණන් සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි

2021 වසරේදී මත්පැන් බලපත්‍ර 150ක් නිකුත් කරලා
මෙවර අයවැයෙන් ඉහළ දැමූ සුරාබදු වැඩිවීම (13) සිට ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මිලිලීටර් 750ක විශේෂ මත්පැන් බෝතලයක මිල රුපියල් 96යි ශත 14කින් පමණ ඉහළ යන අතර විදේශීය වශයෙන් නිෂ්පාදනය කරන දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 126කින් පමණ ඉහළ යන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේය.
දුම්වැටි මත පැනවූ බදුද වැඩි කෙරුණු අතර ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 05 කින් ඉහළ දමා තිබෙනවා.