ඇෆ්ගන් ආහාර අර්බුදය ඛේදජනක විය හැකි – ලෝක ආහාර වැඩසටහන

ඇෆ්ගන් ආහාර අර්බුදය ඛේදජනක විය හැකි - ලෝක ආහාර වැඩසටහන

ඇෆ්ගන් ආහාර අර්බුදය ඛේදජනක විය හැකි - ලෝක ආහාර වැඩසටහන

උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ දී සිටින ඇෆ්ගන් වැසියන්ගේ තත්ත්වය සීත සෘතුව එළඹිමත් සමග අතිශය ඛේදජනක විය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අගවනවා.

පසුගිය අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ බලය තලෙයිබාන් සංවිධානයට නතු වීමත් සමග එරට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. තම දෛනික අවශ්‍යතාපවා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයකට මේ වන විට ඇෆ්ගන් වැසියන් මුහුණ දී සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

ආහාර හිගතාවය හේතුවෙන් ඉදිරියේදී මිලියන ගණනක ජනතාවක් මිය යා හැකි බවටද ජගත් සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන අනතුරු අගවනවා. එමෙන්ම ඇෆ්ගනිස්ථානයට මේ වන විට නියං තත්ත්වයක් ද බලපා තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *