අල්ලස් හා දූෂණ කොමිසම විසින් නඩු 45ක් ඉල්ලා අස්කරගෙන; තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක්

අල්ලස් කොමිසම පැවරූ නඩු 89කින් 45ක්ම ඉල්ලා අස්කරගෙන; අවසන් නොකළ ලිපිගොනු 1508ක්

අල්ලස් කොමිසම පැවරූ නඩු 89කින් 45ක්ම ඉල්ලා අස්කරගෙන; අවසන් නොකළ ලිපිගොනු 1508ක්

වර්තමාන රජය බලයට පැමිණි අවුරුදු එකහමාර තුළ අල්ලස් හා දූෂණ කොමිසම විසින් නඩු 45ක් ඉල්ලා අස්කරගෙන තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී.අලවතුවල පවසයි.

තාක්ෂණ ‍දෝෂ නිසා මෙම නඩු අයින් කර ගන්නවා නම් මෙම නඩු නැවත පැවැරීමට අල්ලස් හා දූෂණ කොමිසමට වගකීමක් තිබෙන බවද මන්ත්‍රිවරයා පැවැසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් (08) අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලිපියක් භාරදෙමින් ඉල්ලා අස්කරගත් නඩු පිළිබඳ විස්තර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

“සමගි ජන බලවේගය මන්ත්‍රිවරුන් හැටියට අපි ඉල්ලන්නේ මේ ඉල්ලා අස්කරගත් නඩුවල තොරතුරු ලබා දෙන්න කියලයි. තොරතුරු ලබා ගැනීමේ පනත යටතේ ඒවා අපිට ලබා දෙන්න. නඩු ඉල්ලා අස්කර ගත්තේ තාක්ෂණික දෝෂ නිසා කියලයි කිව්වේ. මෙම ඉල්ලා අස්කරගත් නඩු රාජපක්ෂ පවුලේ සහ ආණ්ඩුවට සම්බන්ධ අයගේ නඩුයි. දහනව වැනි ව්‍යවස්ථාව වෙනස් කරලා විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට අපි කිව්වා මේක ගේන්නේ ජනතාවගේ යහපතට නෙවෙයි කියලා. ඔවුන් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ ඔවුන්ගේ අවුරුදු ගණන් තිබුණු නඩු සහ ඔවුන්ගේ ගජමිතුරන්ගේ නඩු ඉල්ලා අස්කර ගැනීමටයි.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන් සහ හර්ෂණ රාජකරුණා එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *