එන්නත්කරණයක් සිදු නොකරගත් පිරිස වෛරසයට ගොදුරුව මරණයට පත්වීමේ අවස්ථාව 32 ගුණයකින් ඉහළ

කොවිඩ් එන්නත සම්බන්ධයෙන් දැනුම්දීමක්

කොවිඩ් එන්නත සම්බන්ධයෙන් දැනුම්දීමක්

COVID-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණයක් සිදු කරගත් පිරිසට සාපේක්ෂව පූර්ණ එන්නත්කරණයක් සිදු නොකරගත් පිරිස වෛරසයට ගොදුරුව මරණයට පත්වීමේ අවස්ථාව 32 ගුණයකින් ඉහළ බව බ්‍රිතාන්‍ය තුළ සිදුකළ අලුත්ම අධ්‍යයනයක් මගින් අනාවරණය කරයි.

මෙය එංගලන්තයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය මගින් මෙම දත්ත නිකුත් කර තිබේ. ඒ අනුව පූර්ණ එන්නත්කරණය සිදු නොකරගත් පිරිස අතරින් ලක්ෂයකට සිදුවුණු මරණ සංඛ්‍යාව 849.7ක් වන බවත්, පූර්ණ එන්නත්කරණය සිදු කරගත් පිරිස අතර එය ලක්මයකට 26.2ක් වන බවත් මෙහිදී අනාවරණය කර තිබේ.

මෙම අලුත්ම අධ්‍යයනය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින එංගලන්තයේ මහජන සෞඛ්‍ය පිළිබඳ යේල් විද්‍යාලයේ බෝවන රෝග පිළිබද විශේෂඥයෙකු වන ආචාර්ය ඇල්බර්ට් කෝ. පවසා සිටියේ. “මෙය අපගේ ජිවිත කාලයේ වඩාත් වැදගත් කාලයක්. මෙම එන්නත්කරණය තමයි අපිට අපේ ජීවිත බේරගත්ත තිබෙන හොදම අවස්ථාව. ඉන් පුළුවන් වේවි අපිට තවත් ලක්ෂ 50ක් දෙනා මේ වෛරසයෙන් මරණයට පත්වීම වළක්වා ගන්න.” යනුවෙන් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *