කඩිනම් සේවය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් සහ වෙබ් අඩවියක්

මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ තනතුරු ගහන්න බැහැ - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රට පුරා තිබෙන කාර්යාල වලින් සේවා ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් සහ වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.
එම ස්වයංක්‍රීය දුරකථන පද්ධතියෙන් හෝ https://dmtappoinments.dmt.gov.lk යන වෙබ් අඩවියට පිවිසී දිනයක් සහ වෙලාවක් ඕනෑම වේලාවක වෙන්කර ගත හැකි බවත් දිනයක් වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව සේවාවන් ලබාගත නොහැකි බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසීය.
එම දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට සහ වේරහැර කාර්යාල වලින් සේවා ලබා ගැනීම සඳහා දිනය සහ වේලාව වෙන් කර ගැනීමට සඳහා ලබා දී තිබූ ලබාදී 0112677877 දුරකථන අංකය සහ 2021 ක්ෂණික දුරකථන අංකය භාවිතා නොවන බවත් සුමිත් අලහකෝන් මහතා වැඩිදුරටත් කීය.