චීනය ශ්‍රී ලංකා මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකු ප්‍රතිචාර

මහජන බැංකුවෙන් සියලුම ගනුදෙනුකාර භවතුන්ට වැදගත් දැනුම්දීමක්

මහජන බැංකුවෙන් සියලුම ගනුදෙනුකාර භවතුන්ට වැදගත් දැනුම්දීමක්

මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දක්වමින් මහජන බැංකුව කියා සිටියේ අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයකට අනුව චීන සමාගමට ගෙවීම නතර කිරීමට තීරණය කළ බවයි.

ඉදිරි අධිකරණ තීන්දු මත ගෙවීම් සිදුකිරීමට පියවර ගන්නා බව බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය නිවේදනය කර තිබුණේ ණයවර ලිපිය සහ පාර්ශව දෙකක් අතර සම්බන්ධතා අනුව මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මහජන බැංකුව අසාදු ලේඛනගත කළ බවයි.

තානාපති කාර්යාලය පැවසුවේ, සීමාසහිත චීන පොහොර ව්‍යවසාය වන Qingdao Seawin Biotech Group Co. සමාගම, ගිවිසුම්වලට අනුව ශ්‍රී ලංකා මහජන බැංකුවෙන් ණයවර ලිපියට අදාළ ගෙවීම් ලබා ගන්නා ලෙස ඉල්ලා ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *